Man Ithaliye Thani Una-මං ඉතාලියේ තනි උනා Song Lyrics by Danapala Udawaththa

මං ඉතාලියේ තනි උනා



සිරකුසා සිසිලියා දූපතේ කතානියා...
ජෙනෝවා මෙසීනා ඔබට මා රැවටුනා...
වෙරෝනා මරීනා කර්මෙලා තෙරේසා..
ප්‍රොන්තෝ මං ඉතාලියේ තනිඋනා...
කෝමේ මං ඉතාලියේ තනි උනා...

පෑදුවා මෙත් විලේ සේදුවා පව් ජලේ...
පාදුවා පල්ලියේ අන්තෝනි මුනිදිලේ...
බ්‍රෙශියා නගරයේ රෝස කුසුම පල්ලියේ...
රෝමේ වතිකානුවේ සිහින දේවතාවියේ...
ඉතාලියේ පීසා කුලුන හමු වුනා...
හරිම ලස්සනයිනේ මම පුදුම උනා...

සිරකුසා සිසිලියා දූපතේ කතානියා...
ජෙනෝවා මෙසීනා ඔබට මා රැවටුනා...
වෙරෝනා මරීනා කර්මෙලා තෙරේසා...
ප්‍රොන්තෝ මං ඉතාලියේ තනිඋනා...
කෝමේ මං ඉතාලියේ තනි උනා...

මේ ඉර්තුවේ මිලානෝ සීතලයි...
ඒ සීතලේ ඔයා නෑ හිත පෙලයි...
දූම පල්ලියේ දේව හාස් කම් රැසයි..
ඇසින් දුටුවනම් ඔබ වුනත් එය සිතයි...
එට්නා ගිනි කන්ඳ ඇව්ලුනා...
හිත නිවා ගන්න තවම බැරිඋනා....
සිරකුසා සිසිලියා දූපතේ කතානියා....
ජෙනෝවා මෙසීනා ඔබට මා රැවටුනා....
වෙරෝනා මරීනා කර්මෙලා තෙරේසා...
ප්‍රොන්තෝ මං ඉතාලියේ තනිඋනා...
කෝමේ මං ඉතාලියේ තනි උනා...
චාවෝ මං ඉතාලියේ තනි උනා...


Watch On Youtube



Post a Comment

Previous Post Next Post