Vishwaya Vinivida Song Lyrics by Indika Upamali, Saman Lenin

 Vishwaya Vinivida Song Lyrics by Indika Upamali, Saman Lenin





Singer Indika Upamali, Saman Lenin,
Composer Darshana Ruwan Disanayake
Lyricist Amila Thenuwara


විශ්වය විනිවිද මන්දාකිණියම නුඹේ ඇසින් දකිමි
හාත්පසම රැකවරණ ලබා දී
කාත් කවුරුවත් නොමැති නුඹ ළඟින්
සදා හිඳිමි නොපෙනී
දුර සිටියත් ආලෝක ශත වසක්
තරු එළියත් මහ පොළොවට ඒ නම්
ඇයි මට නුඹ අහිමි
දේවත්වයේ ඇති සොඳුරුම රූපය
ආදරයම බව නුඹගෙන් හඳුනා
අනාදර ලොවෙන් නුඹ මුදවාලමි
නුඹ මුදවාගනිමි
අසීමාන්තික ප්‍රේමය මට දුන්
නුඹේ උතුම් දෙව් ආත්මයට මං
පේවීලා හිඳිමි
දිව්‍යලොවක මිනීරුවන් සැඟව ගිය
ජීවිතයේ අළු බඳුන විසුරුවා
ආත්මයම මගේ සුළඟට මුසුකර
සුළඟට පා කරමි
අසීමාන්තික ප්‍රේමය මට දුන්
නුඹේ උතුම් දෙව් ආත්මයට මං
පේවීලා හිඳිමි

Watch On Youtube







Post a Comment

Previous Post Next Post